ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රධාන කරුණු තුනක් සම්බන්ධව අවධානය යොමු කරයි.

ලබන වසරේදී ශ්‍රී ලංකාවට ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගැටළු ඇති නොවන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශ්වාසය පළ කර තිබෙනවා.

ඊයේ (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා අනතුරු ඇඟවූයේ මිලියන 20-30 අතර ජනතාවක් පීඩාවට පත්වන අතර බොහෝ දෙනෙක් අප්‍රිකාවේ අඟෙහි මිය යනු ඇති බවයි.

රුසියානු ආක්‍රමණයේදී යුක්රේනයට උදව් කළ ආකාරයටම ඔවුන්ට සහය වන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ බටහිර ජාතීන්ගෙන් ඉල්ලා සිටීම අත්‍යවශ්‍ය බව ජනාධිපති වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

උතුරු පළාතේ පුනර්ජනනීය බලශක්ති විභවයන් සහ හරිත හයිඩ්‍රජන් ඇති වීමේ හැකියාව පිළිබඳව වාර්තාවක් කැඳවා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

“හරිත හයිඩ්රජන් තරඟකාරී පදනමක් මත ලබා ගන්නේ නම්, එය උතුරු ආර්ථිකය නංවනු ඇත,” ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තියෙන් වැඩි ප්‍රමාණයක් පුත්තලමේ සිට ත්‍රිකුණාමලය දක්වාම ලැබෙන බැවින් ඒ පිළිබඳව සොයා බැලිය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ත්‍රිකුණාමල ව්‍යාපෘතිය සහ නැඟෙනහිර පළාත සංචාරක ව්‍යාපාරය සඳහා වන අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ද අපි අවධානය යොමු කරමින් සිටිමු.

තවද උතුරු නැගෙනහිර දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා සාකච්ඡාවකට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දෙමළ දේශපාලන පක්ෂවලට ආරාධනා කළේය.

සාකච්ඡාව ලබන සතියේ පැවැත්වීමට හැකි බව යෝජනා කළ ඔහු, බාහිර මැදිහත්වීම්වලින් තොරව ගැටළු සාමකාමීව විසඳා ගත යුතු බව පැවසීය.

“අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ. අපි එකට වැඩ කරලා මේ ප්‍රශ්නය මග හරවා ගනිමු. මේ කාරණය සමථයකට පත් කළ යුතු අතර අපි එය විසඳා ගනිමු, ”ඔහු අවධාරණය කළේය.

ලබන වසරේ පැවැත්වෙන රටේ 75 වැනි නිදහස් සැමරුමට පෙර මෙම ගැටලු නිරාකරණය කර ගැනීමට කටයුතු කළ යුතු බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *