චීන රොකට්ටුවේ සුන්බුන් ඉන්දියන් සාගරයට

චීනය විසින් අභ්‍යවකාශ ගත කළ ‘ලෝන්ග් මාච් 5B’ රොකට්ටුවේ සුන්බුන් මේ වන විට ඉන්දියන් සාගරයට පතිත වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ අනුව මාලදිවයිනට බටහිරින් ඉන්දියානු සාගරයට එම සුන්බුන් කොටස් ඇඳ වැටී තිබේ.

චීනය විසින් සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පියාසර‍ කරවූ රොකට්ටුවක් පසුව ඔවුන්ගේ පාලනයෙන් ගිලිහී තිබූ අතර ඊයේ  එහි කොටසක් පෘථිවියට ඇත.

එක් කොටසක් වැටීමක් සිදුවිය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

ඔහු පෙන්වාදෙන්නේ චීනය අභ්‍යවකාශ මධ්‍යස්ථානය තැනීම සඳහා අවශ්‍ය උපකරණ රැගෙන ගිය රොකට්ටුවක කොටසක් මෙලෙස පෘථිවියට කඩා වැටීමට ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *