ගිලන් රථ රියදුරෙකුට පහර දුන් PHI රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

ගිලන් රථයක් ධාවනය කළ රියදුරෙකුට පෙරේදා (23) දිනයේ බැලූම්මහර ප‍්‍රදේශයේදී පහර දුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු සහ තවත් පුද්ගලයෙකු හෙට (26) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය කාර්යයාලයට අනියුක්තව සේවය කළ අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හා අනෙක් පුද්ගලයා ගම්පහ වැඩ බලන මහේස්ත‍්‍රාත් මහේෂ් හේරත් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.

පහර කෑමට ලක්වූ රියදුරු කොළඹ ලේ බැංකුවේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ගමන් කරමින් තිබූ ගිලන් රථයක් ධාවනය කළ අයෙකි. මෙම පහරදීමට හේතු වී ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාගේ මෝටර් රථයට මාර්ගයේ ඉඩ නොදීම හේතුකොටගෙනයි. අනතුරුව ඔහු ගිලන් රථය අවහිර කර නවතා තවත් පුද්ගලයෙකු සමග ගිලන් රථයේ රියදුරුට පහර දී තිබුණා. තවද ගිලන් රථ රියදුරාට අයත් රුපියල් 45,000 ක් පමණ වටිනා ජංගම දුරකථනයක් පොළොවේ ගසා අලාභහානි කළ බවට ද සැකකාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට චෝදනා එල්ල වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *