ගල්කිස්ස වෙරළට කැළි කසළ ගොඩ ගැසුණු ආකාරය පිළිඹද විමර්ශණයක්

ගල්කිස්ස වෙරළ තීරයට කැළිකසළ ගොඩගැසුණු ආකාරය පිළිඹදව නාවික හමුදාව සමග පාර්ශ්ව කිහිපයක සහාය ඇතිව විමර්ශනයක් ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පරිසර හා ප්‍රජා පොලිස් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හට උපදෙස් ලබාදී තිබේ. ඒ වැඩබලන පොලිස්පතිවරයා ගල්කිස්ස වෙරළ තීරයේ අද (07) නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුවයි.

පසුගිය දින කිහිපයේ මෙන්ම අද දිනයේද ගල්කිස්ස වෙරළ තීරයට කසළ ගසාගෙනවිත් තිබුණු අතර, පොලිස් පරිසර ඒකකය ප්‍රදේශවාසීන්ගේ සහායද ඇතුව කසළ ඉවත් කිරීම් කටයුතු වල නිරත විය.

මේ අතර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ගාමිණී හේවගේ මහතා පවසන්නේ කිසියම් පිරිසක් මුහුදට කසළ බැහැර කර ඇතැයි සැක මතුවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *