මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාල වකවානුව සම්බන්ධ තීරණය මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරිමෙන් පසුව ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව ඊට අදාළ විශේෂ සාකච්ඡාවක්ද ලබන අගහරුවාදා පැවැත්වීමට නියමිතව ඇත.
කොරෝනා වෛරස ව්‍යාපත්තිය ක්‍රමයෙන් පාලනය වී තිබුණද පාසල් ආරම්භ කිරිම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය