කොළඹ වරාය දකුණු ආසියාවේ කාර්යක්‍ෂම වරාය ලෙස ලෝක බැංකුව හා S&Pශ්‍රේණිගත කරයි.

ලෝක බැංකුව,S&P ග්ලෝබල් මාර්කට් ඉන්ටර්ලිජන්ස් ආයතනය හා පිළිගත් මූල්‍ය සේවා එක්ව යාවත්කාලීන කරන CPPI (ග්ලෝබල් පෝට් පර්ෆෝමන්ස් ඉන්ඩෙක්ස්) ශ්‍රේණිගත කිරීමේ 2021 වර්ෂයේ දෙවන සංස්කරණයට අනුව ලෝකයේ වරාය 370ක් අතරින් 22 වන ස්ථානයටත්, ඉන්දියානු සාගර කලාපයේ 03 වන ස්ථානයටත්, ඉන්දියානු අර්ධද්වීපයේ හා දකුණු ආසියානු කලාපයේ කාර්යක්‍ෂම වරාය ලෙසටත් කොළඹ වරාය ශ්‍රේණිගත කොට ඇත.

S&P ග්ලෝබල් මාර්කටින් ඉන්ටර්ලිජන්ස් හී සමුද්‍රීය, වෙළඳ හා සැපයුම් දාම ඒකකය හා ලෝක බැංකුවේ ගෝලීය ප්‍රවාහන ක්‍රියාකාරීත්වය සමග සහයෝගයෙන් එළිදක්වන ලද CPPI හෙවත් බහලු වරාය කාර්ය සාධන දර්ශකය හී 2021 දෙවන සංස්කරණය තුළ මෙම දත්ත අඩංගුව ඇත. මෙම ශ්‍රේණිගත කිරීම සඳහා බලපෑ කරුණු පිළිබඳව එහි කර්තෘවරුන් දක්වන සංක්‍ෂිප්ත අදහස වන්නේ,

“මෙවන් අර්බුදකාරී කාලයකදී සියලු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ඉහල ගොස් ඇති වීටෙක, නැව් භාණ්ඩ ප්‍රවාහනය ප්‍රමාද වන අවස්ථාවක, සැපයුම් ක්‍රියාවලියට බාදාවන් එල්ල වෙමින් අතිරේක වියදම් වැඩිවන විට හා තරග`කාරීත්වය අඩුවන විටදී රටක වරාය හා පර්යන්ත මෙන්ම බහලු මෙහෙයුම් ක්‍රියාවලිය සඳහා ද වන බලපෑම කොපමණ ද? ගෝලීය වටිනාකම් දාමය තුළ වරායන් මධ්‍යගත උවද එහි ප්‍රධාන අභියෝගයක් ලෙසට දක්නට ඇත්තේ විවිධ මට්ටමේ වරායයන් එකිනෙකාට සමාන කිරීම, යෝග්‍යතාව හා සංස්ථාපිත තිරසරභාවය මත සිට ඒවායෙහි වර්ධනය සඳහා උනන්දු කිරීමට ඇති අඩු හැකියාවයි.

මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා “දකුණු ආසියාවේ කේන්ද්‍රීය වරාය ලෙස හා හොඳම වරාය ලෙස දර්ශක ගත කිරීම හා ලෝකයේ 7%ක් වූ හොඳම වරායන් අතර සංඛ්‍යා දර්ශක අනුව, ලෝක බැංකුව හා S&P ආයතනය, කොළඹ වරාය ස්ථානගත කර ඇත. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලු පර්යන්තයේ කාර්ය භාරයට අමතරව කොළඹ ජාත්‍යන්තර බහලු පර්යන්තය (CICT) හා සවුත් ඒෂියා ගේට්වේ පර්යන්තය (SAGT) මේ වෙනුවෙන් දක්වන ලද සුවිශේෂ දායකත්වය ද මෙහිලා වැදගත් වේ.”

“ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනයේ නියාමකයා හා පහසුකම් සලසන්නා ලෙස විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ වරායේ සියළු සංවර්ධන ව්‍යාපෘතීන් අඛණ්ඩව සිදුකරමින් ඉදිරියට යන බවයි. ඒ අනුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ සංවර්ධන කෙරෙන නැගෙනහිර බහලු පර්යන්තය (ECT), ඉන්දියානු අදානි සමාගමට අනුබද්ධ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් ආයතනය යටතේ සිදුවන බටහිර බහලු පර්යන්තයේ (WTC) සංවර්ධනය හේතුවෙන්, ඉදිරි වසර 2-5 දක්වා තුළදී කොළඹ වරායේ සමස්ථ බහලු මෙහෙයුම් ධාරිතාව මිලියන 07 සීමාව පසුකරනු ඇත.” ලෙස ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

ජැක් හුඈන්ග් – ප්‍රධාන විධායක නිලධාරී – කොළඹ ජාත්‍යන්තර ජයබහලු පර්යන්තය, චයිනා මර්චන්ට් ගෲප් හි සාමාජික (CICT), දක්වා සිටියේ, “මෙම දර්ශක ගත වීම පිළිබඳව අපි ඉතාමත්ම සතුටුවන්නේ දැනට දකුණු ආසියාවේ ඕනෑම ආකාරයක නාවික පහසුකමක් ලබාදිය හැකි ගැඹුරුම පර්යන්තය ලෙසට ක්‍ෂක්‍ඔ පර්යන්තය ක්‍රියාකරන අවස්ථාවක ය. මෙලෙසම පසුගිය වසර 05 තුළදී ද CICT පර්යන්තයට ද ජයග්‍රහණ කිහිපයක් ලබා ගැනීමට හැකිවූයේ එහි ඇති විවිධාංගික විශේෂිතවූ මෙහෙයුම් හැකියාව නිසාවෙනි. එමෙන්ම, මෙම වර්ධනීය තත්ත්වය දිගින් දිගටම පවත්වා ගැනීමටත් අපගේ පාරිභෝගිකයින් ලෙස ලෝකයේ හොඳම නෞකා සේවාවන් වෙත ඔවුන්ගේ ප්‍රතිඅපනයන සඳහා ඉතා ඉහළ මට්ටමේ සේවාවක් ලබා දීමටත් අපි සැදී පැහැදී සිටිමු.”

SAGT හෙවත් (ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හා AP මොලර් මර්ස්ක් ගෲප් අනුබද්ධ) සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී – රොමේෂ් ඬේව්ඞ් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ.“ප්‍රතිනැව්ගත බහලු මෙහෙයුම් කේන්ද්‍රයක් ලෙස කොළඹ වරායේ සාර්ථකත්වය වෙනුවෙන් SAGT පර්යන්තය සුවිශේෂි දායකත්වය සපයන බවයි. එමෙන්ම, නිරන්තරව යාවත්කාලීන වන අංගෝපාංගයන් හා යන්ත්‍ර සූත්‍ර නිසා එහි වසර 22ක කාලය පුරාවට SAGT පර්යන්තයේ කොළඹ වරාය තුළ සිය විශ්වාසය තහවුරු කරමින් කොළඹ වරායට හොඳ සේවාවක් ලබා දීමට ඇති හැකියාව වෙනුවෙන් දායකත්වය සපයා ඇත යනුවෙනි.

කොළඹ වරාය එහි උපරිම මෙහෙයුම් හැකියාව වු බහලු මිලියන 7.25ක ධාරිතාව පසුගිය 2021 වසරේ දී පෙන්වූ අතර, එය තවදුරටත් වර්ධනය කරමින් ඉහත වසරේ එම කාලයට සාපේක්ෂව 2022 වසරේ පළමු මාස 05 තුලදී 2% ක වර්ධනයක් පෙන්වා ඇත.

වර්තමානයේ දී කොළඹ වරාය සතුව, පර්යන්ත අද්දරට දිග මීටර් 4.500ක්ද, පර්යන්ත අද්දර ගැඹුර මීටර් 12 සිට 18 දක්වා ද, පර්යන්ත අද්දර දොඹකර 47ක් ද, හෙක්ටයාර් 130ක වරාය පර්යන්ත ඉඩක්ද ලෙසින් පහසුකම් පවතී.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොළඹ වරායේ හිමිකරුවා හා නියාමකයාගේ කාර්ය භාරයට අමතරව CICT හා SAGT පර්යන්තවල 15% ක කොටස් හිමිකාරීත්වයක්ද දරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *