කොළඹ, කළුතර, ගම්පහ ප්‍රදේශවලට විශේෂ ගෑස් බෙදාහැරීමක්.

සීමාසහිත LITRO Gas Lanka සමාගම විසින් කොළඹ, කළුතර සහ ගම්පහ යන ප්‍රදේශවලට අද විශේෂ ගෘහස්ථ ගෑස් බෙදා හැරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරන බව නිවේදනය කරයි.

කිලෝග්‍රෑම් 12.5, කිලෝ ග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 බරැති ගෑස් සිලින්ඩර එම ප්‍රදේශවල බෙදා හැරීමට නියමිතය. පස්වරුවේ පාරිභෝගිකයින් සඳහා ගෑස් සිලින්ඩර ලබා ගත හැකි බව සමාගම පවසයි.

ඒ අනුව තෝරාගත් අලෙවි නියෝජිතයින් 159 දෙනෙකු අතර ගෑස් සිලින්ඩර 16,987ක් බෙදා දීමට නියමිතයි. කිලෝග්‍රෑම් 12.5 බරැති ගෑස් සිලින්ඩර 14,977 ක්, කිලෝග්‍රෑම් 5 ක් බර සිලින්ඩර 1005 ක් සහ කිලෝග්‍රෑම් 2.3 ක් බරැති සිලින්ඩර 1005 ක් තෝරාගත් අලෙවි නියෝජිතයන් අතර බෙදා හැරීමට නියමිත බව සමාගම වැඩිදුරටත් පවසයි.

තොග ඇති අලෙවිකරුවන්ගේ ලැයිස්තුව www.litrogas.com හි යාවත්කාලීන වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *