කොරෝනා වෛරසය ප්‍රබලයි, එය දීර්ඝ කාලයක් ලොව පුරා පවතියි – ලෝක සෞඛ්‍ය සංවිධානය

කොරෝනා වසංගතයේ ශක්තිය ඉතාමත් ප්‍රබල මට්ටමක පවතින බවත් ඒ අනුව ලෝකය තුළ තවත් දීර්ඝ කාලයක් කොරෝනා වෛරසය සක්‍රීය මට්ටමේ පවතිනු ඇති බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ මයිකල් රයන් පවසා සිටී. ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ දිළිදු රටවලට ආසාදිතයන් පරික්‍ෂා කිරීමට පවත්නා අඩු පහසුකම් වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට මූලිකම හේතුව වී ඇති බවයි.

මේ අතර ලොව පුරා සතියකට වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාවේ සාමාන්‍ය අගය මිලියන 2 කට ආසන්න වන අතර සිදුවන මරණ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය පනස් දහසකට ආසන්න බවයි නවතම වාර්තා පෙන්වා දෙන්නේ. ලොව පුරා කොවිඩ් රෝගීන් මිලියන 30 ක් ඉක්මවා ගොස් ඇති අතර 957,000 කට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *