Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

ඕස්ට්‍රේලියාවේ හොඳම ගණකාධිකාරී සම්මානය ශ්‍රී ලාංකිකයෙකුට හිමි වෙයි.

ඕස්ට්‍රේලියාවේ හොඳම ගණකාධිකාරී සම්මානය ශ්‍රී ලාංකිකයෙකුට හිමි වෙයි.

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති වජිර ජයසූරිය මහතා 2022 වසරේ හොඳම ගණකාධිකාරීවරයාට හිමි ගෞරවනීය සම්මානය පසුගියදා ඔස්ට්‍රේලියාවේදී ලබා ගත්තේය.

ඔහු වාර්ෂිකව පිරිනමන රාජ්‍ය ගණකාධිකාරී සහ ඕස්ට්‍රේලියාවේ හොඳම ගණකාධිකාරී සම්මානය ලබා ගත්තේය.

ඔහුගේ දස්කම් පිළිබඳව අදහස් දක්වමින් වජිර ජයසූරිය කියා සිටියේ ශ්‍රී ලාංකිකයෙකු මෙම සම්මානය දිනාගත් පළමු අවස්ථාව මෙය බවයි.

45 හැවිරිදි ශ්‍රී ලාංකික ගණකාධිකාරීවරයා ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ හොඳම ගණකාධිකාරී සම්මානය ද ලබා ගත්තේය.

ජයසූරිය මහතා පැවසුවේ ක්වීන්ස්ලන්තයේ ගණකාධිකාරී ආයතනයේ පමණක් ලියාපදිංචි ගණකාධිකාරිවරුන් සංඛ්‍යාව 6000ක් පමණ වන බවයි.

ප්‍රාන්ත හයකින් තෝරාගත් හොඳම ගණකාධිකාරීවරුන් හය දෙනා අතරින් ඔස්ට්‍රේලියාවේ වසරේ ගණකාධිකාරීවරයා ලෙස වජිර ජයසූරිය තේරී පත්ව ඇත.

ගණකාධිකාරීවරුන් 50,000කට අධික සංඛ්‍යාවක් සිටින මෙරට ගණකාධිකාරීවරුන් ලියාපදිංචි කරන ආයතන තුනෙන් එකක් වන ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (IPA) විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදී.

1977 වසරේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ උපත ලද වජිර ජයසූරිය මහතා ශ්‍රී ලංකාවේ පාසල් ගණනාවක ඉගෙනුම ලැබූ අතර උසස් පෙළ විභාගය සඳහා මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් විය.

ඔහු කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ආර්ථික විද්‍යාව හැදෑරීමෙන් පසුව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ගණකාධිකරණය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *