වැල්ලම්පිටිය

එළැඹෙන ඉරිදා සහ තවත් දින දෙකක් රට පුරා ඇදිරි නීතිය

ඇඳිරි නීතිය සම්බන්ධයෙන් නවතම නිවේදනයක් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නිකුත් කර තිබේ. ජූනි 06 වැනි සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අකාරය පිළිඹද එම නිවේදනයෙන් වැඩි දුරටත් දන්වා සිටී

ඒ අනුව,

  • මැයි 31 ඉරිදා, දිවයිනේ සියලු දිස්ත්‍රීක්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.
    ජූනි 01 සඳුදා සිට ජූනි 03 බදාදා තෙක් සියලු දිස්ත්‍රීක්කවල ඇඳිරි නීතිය බලපවත්වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වායි.
  • ජූනි 04 බ්‍රහස්පතින්දා සහ ජූනි 05 සිකුරාදා දෙදිනම රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.
  • ජූනි 06 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රීක්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වා පමණි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ඇත.

මේ සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

adiri 28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *