ඊසාන දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙයි.

ඊසාන දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින අතර දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි දින තුන තුළ බටහිර වයඹ දෙසින් ශ්‍රී ලංකා වෙරළ දෙසට සෙමින් ගමන් කිරීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එබැවින් ඉහත මුහුදු ප්‍රදේශවල සමුද්‍ර කටයුතුවල නියැලීමේදී අවධානයෙන් පසුවන ලෙසත්, ඒ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ඉදිරි අනාවැකි පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් එම දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දෙනවා.

සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වා වැඩි විය හැකි අතර මධ්‍යම සහ නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි ඇති විය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *