ඉන්ධන QR පද්ධතිය අවභාවිතය සම්බන්ධයෙන් පැමිණිලි 1000කට අධික සංඛ්‍යාවක් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වෙත ලැබී ඇති බව ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා ප්‍රකාශ කළේය.
පැමිණිලි 150 කට වැඩි ප්‍රමාණයක් පොලිසිය වෙත යොමු කර ඇති අතර, දැනටමත් අත්අඩංගුවට ගැනීම් කිහිපයක් සිදු කර ඇත.
CCTV දර්ශන භාවිතා කරමින් පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර QR පද්ධතිය සඳහා මිලියන 6 කට අධික පරිශීලකයින් ලියාපදිංචි වී ඇත.


