ඉන්ධන හිඟයක් ගැන අසත්‍ය ප්‍රචාර පතුරුවා හැරිය සැකකරුවෙකු අත්අඩංගුවට

රට තුළ ඉන්ධන නොමැති බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ බව කියන පුද්ගලයෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලිසියට අනුව, රට තුළ ඉන්ධන සැපයුම් අවසන් වී ඇති බවට අසත්‍ය තොරතුරු අන්තර්ජාලය හරහා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එවැනි වැරදි තොරතුරු විදේශීය සංචාරකයින් අධෛර්යමත් කළ බවත් සංචාරක කර්මාන්තයට අහිතකර ලෙස මහජන උසිගැන්වීමක් ඇති කළ බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වත්තේගම ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙකි.

සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *