වැල්ලම්පිටිය

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාල සීමාව වෙනස් කෙරේ

අද (06) දිනයේ සිට දිවයින පුරා ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා බව ජනාධිපති ලේකම් කාර්යාලය දන්වා සිටී.

කෙසේ වෙතත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට ඇති අවසරය නොවෙනස්ව පවතින අතර රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල පවත්වාගෙන යාමේදීත්, එදිනෙදා ජන ජීවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුලුමනින්ම අනුගමනය කරන ලෙස රජය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *