ඇත් දළ සහ කළු කොරල් ආභරණ සමඟ සැකකරුවන් දෙදෙනෙකුට ඇප

ඇත් දළ සහ කළු කොරල්වලින් සෑදූ බව කියන ආභරණ රැසක් පන්නෙගමුව සහ තිස්සමහාරාම ප්‍රදේශවල සිදු කළ වැටලීම්වලදී වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අලි ඇතුන්ගේ දළවලින් සකස් කළ ආභරණ අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් මත වනජීවී නිලධාරීන් සැප්තැම්බර් 19 වැනිදා පන්නෙගමුව ප්‍රදේශයේ වැටලීමක් සිදු කර තිබේ.

එහිදී ඇත් දළවලින් සකස් කළ පෙන්ඩනයක් අලෙවි කිරීමට සූදානම්ව සිටි බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක පෞද්ගලික ඇපයක් මත මුදාහැර තිබේ.

මේ අතර, එදිනම සිදු කළ තවත් වැටලීමකදී තිස්සමහාරාම ප්‍රදේශයේ ආභරණ අලෙවිසැලක් පරීක්ෂා කළ වනජීවී නිලධාරීන් එහි ප්‍රදර්ශනය කර තිබූ ඇත් දළ පෙන්ඩනයක් සහ වළල්ලක්, කළු කොරල්වලින් සකස් කළ පෙන්ඩන් නවයක්, බෙල්ලන් යොදා සකස් කළ පෙන්ඩන් දෙකක් සහ බෙල්ලන් නවයක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ආභරණ අලෙවිසැලට සම්බන්ධ සැකකරුද තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඔහු රුපියල් ලක්ෂ 5ක පෞද්ගලික ඇපයක් මත මුදාහැර තිබේ.

අදාළ නඩු දෙකම ඔක්තෝබර් 2 වැනිදා යළි කැඳවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *