2025/2026 තක්සේරු වර්ෂයේ අවසන් බදු ගෙවීම සැප්තැම්බර් 30දාට පෙර

2025/2026 තක්සේරු වර්ෂයට අදාළ අවසන් බදු ගෙවීම 2026 සැප්තැම්බර් 30දාට පෙර සිදු කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) බදු ගෙවන්නන්ට දැනුම් දෙයි.

බදු ගෙවීම් සිදු කිරීමේදී නිවැරදි බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN), බදු වර්ගය, තක්සේරු වර්ෂය සහ ලේඛන හඳුනාගැනීමේ අංකය (DIN) භාවිත කරන ලෙසද IRD බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා සිටී.

නියමිත වේලාවට බදු නොගෙවීම හෝ ප්‍රමාද වී බදු ගෙවීම හේතුවෙන් පොලී සහ දඩ මුදල් අය කෙරෙන බවට IRD නිකුත් කළ දැනුම්දීමකද සඳහන් කර තිබේ.

ප්‍රමාද වූ බදු ගෙවීම් සඳහා පනවනු ලබන පොලී මුදල් ඉවත් කිරීමක් හෝ අඩු කිරීමක් සිදු නොකරන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

බදු ගෙවන්නන්ට මාර්ගගත බදු ගෙවීම් වේදිකාව (Online Tax Payment Platform) හරහා බදු ගෙවීම් සිදු කළ හැකි අතර, නම් කර ඇති බැංකු ශාඛා හරහාද බදු ගෙවීම් භාරගනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *