Miss Universe ජාත්‍යන්තර රූ රැජින තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සාකච්ඡා කර තිබේ.
මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ දැවැන්ත උත්සවයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීම තුළින් මෙරට සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට සහ ජාත්‍යන්තර අවධානය තවදුරටත් ශ්‍රී ලංකාව වෙත යොමු කර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති බවට එම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබේ.
අමාත්‍යවරයා Miss Universe සංවිධානයේ ගෝලීය හවුල්කාරීත්ව උප සභාපති ඔලිවියා ක්විඩෝ, 2020 Mrs. World කිරුළ හිමි කරගත් කැරොලින් ජූරි සහ Caroline J Global Holdings (Pvt) Ltd හි නිර්මාතෘ හා සභාපතිනිය මෙන්ම එම සමාගමේ සම-නිර්මාතෘවරුන් සහ අධ්‍යක්ෂවරුන් වන නිෂාන් දීපාල් සහ කුසල් පෙරේරා යන මහත්ම මහත්මීන් හමුවී තිබේ.
විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, මෙම හමුවේදී Miss Universe වැනි ජාත්‍යන්තර තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමෙන් මෙරටට උදාකරගත හැකි අවස්ථා පිළිබඳව සාකච්ඡා කළ බවයි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සහ ගෝලීය ප්‍රේක්ෂකයන් අතර මෙරට පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.
එමෙන්ම මෙවැනි මහා පරිමාණ ජාත්‍යන්තර උත්සවයක් සාර්ථකව පැවැත්වීම තුළින් ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර උත්සව සඳහා සත්කාරකත්වය දැරීමට හැකි ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීමට ඇති හැකියාව පිළිබඳවද සාකච්ඡා කර තිබේ.


