ආරක්ෂිත ක්‍රමවේද වලට යටත්ව කොණ්ඩ කපන ස්ථාන හා රූපලාවන්‍යාගාර විවෘත කිරීමට අවසර

කෝවිඩ් වසංගත තත්වය නිසා තාවකාලිකව වසා දැමුණු කොණ්ඩා කපන ස්ථාන හා රූපලාවන්‍යාගාර නිසි ඉඩ ප්‍රමාණයන් තබාගනිමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදෙනු ලබන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ එම ක්‍රමවේද අකුරටම පිළිපදිමින් යළි විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය උපදෙස් දී තිඛෙනවා.

එමෙන්ම ඊට අදාලව පිළිපැදිය යුතු උපදෙස් ඇතුලත් මාර්ගෝපදේශණයක් ඉදිරියේදී ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු සැළසුම් කොට ඇති බවත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා එම කටයුතු නිරීක්ෂණය කිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *