ආරක්ෂක අංශවලට එරෙහිව සමාජ මාධ්‍යවල වෛරී ප්‍රකාශ…

පොලිසිය සහ ශ්‍රී ලංකා යුද හමුදාව ඉලක්ක කරගනිමින් වෛරී ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කිරීමේ චෝදනාව මත සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පොලිසියට සහ හමුදාවට එරෙහිව වෛරී ප්‍රකාශවලට අදාළ අන්තර්ගතය ෆේස්බුක් හරහා හුවමාරු කිරීම සැකකරුට එල්ල වී ඇති චෝදනාවයි.

සැකකරු 2022 අගෝස්තු මස 08 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ගාලුමුවදොර විරෝධතා ව්‍යාපාරයට සහය පළකරමින් පොලිසියට හා හමුදාවට වෛර කළ සැකකරු ගාලු කොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය දා ඇති වූ මහජන නොසන්සුන්තාවයේ දී පොලිසියට සහ හමුදාවට එරෙහිව බෙදාගත් වෛරී ප්‍රකාශ හරහා ප්‍රචණ්ඩත්වය ඇවිලවීමේ චෝදනාව යටතේ ය.

සැකකරුගේ ඇප අයැදුම්පත සළකා බැලීම සඳහා මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකරුට ඇප ලබාදීමට රහස් පොලිසිය විරෝධය පළ කළ අතර පසුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *