2027 ජාතික විභාග තුනේ දින ප්‍රකාශයට පත් කෙරේ

2027 වසරේ පැවැත්වීමට නියමිත ප්‍රධාන ජාතික විභාග තුන සඳහා දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2027 අගෝස්තු 1 වැනිදා පැවැත්වීමට නියමිතය.

අ.පො.ස. උසස් පෙළ (A/L) විභාගය 2027 අගෝස්තු 3 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වෙන අතර, අ.පො.ස. සාමාන්‍ය පෙළ (O/L) විභාගය දෙසැම්බර් 7 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම දින 2027 වසර සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල විභාග කාලසටහනට ඇතුළත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *