නාවික හමුදා සාමාජිකයින්ට කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක ඉගෙනුම් සැසියක්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර විසින් නැගෙනහිර නාවික විධානයේ නාවික හමුදා සාමාජිකයින් සඳහා අත්දැකීම් පාදක ඉගෙනුම් සැසියක් අගෝස්තු 23 වැනිදා ත්‍රිකුණාමලය නාවික හා සාගරික ඇකඩමියේදී පවත්වා තිබේ.

සංගක්කාරගේ ක්‍රිකට් දිවිය තුළ ලැබූ අත්දැකීම්, නායකත්වය සහ ඒ තුළින් ලබාගත් වැදගත් අවබෝධයන් නාවික හමුදා සාමාජිකයින් සමඟ බෙදාගැනීම මෙම සැසියේ ප්‍රධාන අරමුණ වී තිබේ.

එමඟින් සංගක්කාරගේ වෘත්තීය ජීවිතයේ අත්දැකීම් සහ නායකත්ව භාවිතයන් තුළින් ප්‍රායෝගික පාඩම් ලබාගැනීමට සහ ඒවා තම රාජකාරි හා නායකත්ව භූමිකාවන් සඳහා යොදාගැනීමට සහභාගි වූවන්ට අවස්ථාව සැලසී ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

ශ්‍රී ලංකාවේ වඩාත්ම කීර්තිමත් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සංගක්කාර සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට නායකත්වය ලබා දී ඇති අතර, ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුවද ක්‍රිකට් සහ නායකත්වය සම්බන්ධ වැඩසටහන් රැසකට සම්බන්ධ වී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *