මුද්‍රිත, විද්‍යුත් සහ මාර්ගගත මාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන් සඳහා ක්‍රියාත්මක “හෝමාගම මාධ්‍යවේදී නිවාස යෝජනා ක්‍රමය” සඳහා අයදුම්පත් කැඳවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මෙම යෝජනා ක්‍රමය යටතේ වර්ග අඩි 500ක පමණ ප්‍රමාණයකින් යුත් නිවාස ඒකක 27ක් ලබාදීමට නියමිතය.
අයදුම්කරුවන් ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචිකරුවන් විය යුතු අතර, තමන්ට හෝ තම පවුලේ සාමාජිකයන්ට නිවසක් හෝ නිවසක් ඉදිකිරීමට සුදුසු ඉඩමක් නොතිබිය යුතු බව අමාත්‍යාංශය සඳහන් කරයි.
එමෙන්ම, අයදුම්කරුවන් මාධ්‍ය ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතු අතර, වයස අවුරුදු 30ත් 60ත් අතර විය යුතුය.
වෘත්තීය පළපුරුද්ද සහ අනෙකුත් අදාළ සුදුසුකම් ඇතුළු නියමිත නිර්ණායක මත අයදුම්කරුවන් තෝරා ගැනීමට නියමිතය.
2026 වර්ෂය සඳහා අයදුම්පත් අගෝස්තු 18 වැනිදා සිට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් www.media.gov.lk බාගත කරගත හැකිය.
සම්පූර්ණ කරන ලද අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, අංක 163, “ආසිරිසි මැදුර”, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 යන ලිපිනයට යොමු කළ යුතුය.
වැඩිදුර තොරතුරු අමාත්‍යාංශයේ ජනමාධ්‍ය අංශයෙන් ලබාගත හැකිය.


