ආනයන සීමා තවදුරටත් ලිහිල් කරයි.

ඉදිරි වසර තුළදී ආනයන සීමා කිරීම් තවදුරටත් ලිහිල් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

විදේශ විනිමය අර්බුදයට තාවකාලික සහනයක් ලෙස භාණ්ඩ වර්ග 1465ක් ආනයනය කිරීමට සීමා කළද දැනටමත් භාණ්ඩ වර්ග 795ක් එම සීමාවෙන් ඉවත් කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.

දැනට ආනයන සීමා පනවා ඇති භාණ්ඩ වර්ග 670 න් දේශීයව නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ රැසක් පවතින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

එබැවින් දේශීයව නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ අඛණ්ඩව ආනයනය කරනවාද නැතිනම් ස්ථිරවම සීමා කර දේශීය නිෂ්පාදන දිරිමත් කරනවාද යන්න පිළිබඳව තීරණයක් ගත යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *