අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ජය ගැනීමට ඉන්දියාව සමත්විය.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදුනි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 33කදී කඩුලු 07ක් දැවී ලකුණු 74ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර තරගය කණ්ඩායම් දෙකටම පන්දුවාර 38 බැගින් සීමා කිරීමට තරග තීරකයින් පියවර ගත්තේය.

නැවත පන්දුවට පහරදීම ආරම්භ කළ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 38ක් අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 106ක් ලබා ගැනීමට සමත් වුණි.

ඉන්දීය කණ්ඩායමට ලකුණු 99ක ඉලක්කයක් හිමිවූ අතර ඔවුන් මීට ටික වේලාවකට පෙර එක් කඩුල්ලක් දැවී ලකුණු 104ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.

ඒ අනුව වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය 8වන වරටත් දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *