‘අපි තරම් වැඩ කළ ආණ්ඩුවක් නෑ’ – අකිල කියයි

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට ඉදිරි අවුරුදු පහේ දී මීට වඩා දෙණයකින් වැඩ කළ හැකි වන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා එසේ පැවසුවේ බිංගිරිය මැතිවරණ කොට්ඨාශයේ පැවති ජනාධිපතිවරණ ජන හමුවක් අමතමිනි.

ජාතික ආණ්ඩුව නිසා අවුරුදු හතර හමාරක කාලයක් කොතෙකුත් බාධා හා ප්‍රශ්ණ වලට මුහුණ දීමට සිදු වු බවත් ඒ අතර දින 52ක ආණ්ඩු බලය අහිමිවීමකට පවා ලක් වු බවත් පැවසු අමාත්‍යවරයා ගෝල්ෆේස් පිටිය ජනතාවගෙන් පුරවා ජන බලය පෙන්වා නැවත ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ දෙගුණයක වේගයෙන් වැඩ කරගෙන යාමට හැකි වු බවත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“අපි තරම් වැඩ කළ ආණ්ඩුවක් නැහැ. අපි තරම් බැනුම් අහපු ආණ්ඩුවක් ද තවත් නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශය පමණක්, ළගම පාසල හොදම පාසල වැඩසටන,පාසල් දරුවන් හැම දෙනාමදෙනාටම සුරක්ෂා රක්ෂණය මගින් රක්ෂණාවරණය ලබාදීම, වැනි දැවැන්ත වැඩසටහන් ක්‍රියාත්මක කළා. ජනතාවට සහන ලබා දෙන අතර ආණ්ඩුව ගම සංවර්ධනයට ගම්පෙරළිය වැඩසටහනින් රුපියල් ලක්ෂ ‍ 5000 ක් වැනි මුදලක් ලබා දෙමින් වසර හතර හමාරක පමණ කෙටි කාලයක් තුළ ඉටු කරන ලද ජනතා සේවාවන් අති විශාලයි.”

ලෝකය සමග ගනුදෙනු කළහැකි අයත් ගමේ ජනතාවගේ හද ගැස්ම හදුනන අයත් අපේ කණ්ඩායමේ ඉන්නවා.පක්ෂයක් විදිහට අපි ඉතාමත් වේගයෙන් ඉදිරියට ඇවිත් සිටිනවා.

2015 මැතිවරණ ව්‍යාපාරයට ආරම්භ වන විට හිටි තැනින් මාසයක් තුළ හොද තැනකට ආවා. ජන්දයට සති දෙකක් තිබිය දි විරුද්ධවාදීන් පසුකරගෙන යන්න අපට හැකි වුණා මෙවර මැතිවරණ ව්‍යපාරයත් ඒ වගේම තමයි. රටේ සෑම පළාතකින්ම ජන්ද ලබාගෙන අපේ අපේක්ෂකයා ජයගන්නවා” යැයි ද අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *