Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

අපරාධ මඩින්න චීන -ලංකා සහයෝගයක්

අපරාධ මඩින්න චීන -ලංකා සහයෝගයක්

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ මහජන චීන ජනරජයේ ජාතික ආගමන පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය Zhang Yong මහතා ප්‍රමුඛ චීන දූත පිරිස අතර සාකච්ඡාවක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේදී  පැවැත්විණි.

මෙහිදී දෙරටෙහි ආගමන විගමන පරිපාලනය, ප‍්‍රත්‍යන්ත පාලනය, හා මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් වන කරුණු රාශියක් සාකච්ඡා කෙරුණු බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය කියයි.

අන්තර්ජාතික මට්ටමින් සිදු වන සංවිධානාත්මක අපරාධ , මිනිස් ජාවාරම්, සයිබර් අපරාධ , ආදී දෙරටෙහි ආරක්ෂාවට තර්ජනයක් වන ක‍්‍රියාකාරකම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරන ලද අතර එකී ජාත්‍යන්තර තලයේ වන සංවිධානාත්මක අපරාධ මර්දනය සදහා දෙපාර්ශවයම අන්‍යෝන්‍ය අවබෝධයකින් යුක්තව කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡා විය.

මෙහිදී චීන නියෝජිතයින් සඳහන් කර ඇත්තේ ශ‍්‍රී ලංකාව සඳහා මහජන චීන ජනරජයේ අඛණ්ඩ සහයෝගීතාවය ලබා දෙන බවයි.

මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකාවේ මහජන චීන ජනරජ තානාපති Qi Zhenhong, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩබලන පාලක ජනරාල් චමින්ද පතිරාජ, පොලිස්පති නීතිඥ ප‍්‍රියන්ත වීරසූරිය මහත්වරු ද සහභාගී වූහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *