අද මරණ 33ක්

අද දිනය තුළ කොවිඩ් මරණ 33ක් සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,467ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ සිදුව ඇති එම කොවිඩ් මරණවලින් කාන්තාවන් 14ක් හා පිරිමි පුද්ගලයින් 19ක් වේ.

මියගිය පුද්ගලයින්ගෙන් එක් කාන්තාවක් අවුරුදු 30 ට අඩු වන අතර, අවුරුදු 30 – 59ත් අතර පුද්ගලයින් 5දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

සෙසු පුද්ගලයින් 27දෙනා අවුරුදු 60 සහ ඊට වැඩි අයයි.

මේ අතර අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 919ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *