අද කොවිඩ් මරණ 35ක්

අද දිනය තුළ මෙරටින් කොවිඩ් මරණ 35ක් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති එම මරණ ඊයේ දිනයේ සිදුව ඇත.

ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 3,502ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය අයගෙන් 18දෙනෙක් කාන්තාවන් වන අතර 17දෙනෙක් පිරිමි අය වේ.

අවුරුදු 30 – 59ත් අතර මරණ 10ක් හා අවුරුදු 60 සහ ඊට වැඩි මරණ 25ක් සිදුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *