පසුගිය රජයේ අමාත්‍යවරයකු නීති විරෝධී අයුරින් අත්සන් කරන ලද E-8 වීසා ගිවිසුම නිසා වසර 20ට අධික කාලයක් පුරා විශාල ශ්‍රි ලාංකික තරුණ පිරිසකට හිමිවූ E-9 වීසා කාණ්ඩයේ රැකියා අහිමිවීමේ අවදානමක් ඇති වී තිබෙන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසීය.
නීති විරෝධී වීසා බලපත්‍ර නීත්‍යානුකූල කිරීමට කිසිඳු හැකියාවක් නොමැති බවද සභාපතිවරයා කීය.
දකුණු කොරියානු E-8 වීසා කාණ්ඩයේ සෘතුමය රැකියා සඳහා පුද්ගලික පාර්ශවයන්ට මුදල් ලබාදුන් පිරිස් බත්තරමුල්ල ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට සිදුකරන උද්ඝෝෂණ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.