හත්වැනි විධායක ජනපති තෝරාගැනීමට සියල්ල සූදානම්

හෙට(16) පැවැත්වෙන 2019 ජනාධිපතිවරණයට මේ වන විට සියලු කටයුතු සූදානම් කර අවසන් බව මැතිවරණ කොමිසම පවසයි.

මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකින් සංඛ්‍යාව1,5,992,096 (එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූහයකි.)
මැතිවරණයේ ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු පොලිස් නිලධාරීන් 60000ක් රාජකාරියේ යොදවා තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, තම වටිනා ඡන්දය උදෑසනම ගොස් භාවිත කරන ලෙසයි.

2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත් වි ඇති අතර එය මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරණයකට ඉදිරිපත්වු වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාව වේ.
ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා දිවයින පුරා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන ගණන 12,845 ක් වන අතර හෙට පෙරවරු 7 සිට සවස 5 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී ඇත.

පිහිටුවා ඇති ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ගණන 43 කි.

ඊයේ(14) දිනයේ සිට ඡන්ද පෙට්ටි හා අනෙකුත් ද්‍රව්‍ය දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ප්‍රවාහනය ආරම්භ කෙරුණු අතර අදාළ කටයුතු අද(15) දිනයේදීත් යුහුසුළුව ක්‍රියාත්මක වන ආකාරය දැකගත හැකිවිය.

2019 ජනාධිපතිවරණයේ නාම යෝජනා භාරදීමෙන් පසුව මැතිවරණ කොමිෂන් සභාවට අද දිනය වන විට ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව 3905කි.

මෙවර මැතිවරණයේද දෙස් විදෙස් නිරීක්ෂකයින් විසින් මැතිවරණය නිරීක්ෂනය කරනු ලබයි.

ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු පොලිස් නිලධාරීන් 60,000කට අධික පිරිසක් රාජකාරියේ යොදවා තිබේ.

  • මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වි ඇති පසුබිමක අද මොරටුව ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක නිරත වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාට සහ ඔහුගේ ආධාරකරුවන්ට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණි.‍
    ඡන්දපොළ ආසන්නයේ මීටර් 500 ඇතුළත රංචු ගැසීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිසම පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *