මැතිවරණ කොමිෂන් සභාවට අද(4) පෙරවරුවේ ගිය එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය සුජීව සේනසිංහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළේය.
ඒ අනුව හංසයා ලාංඡනයෙන්, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ යටතේ ඇප මුදල් තැන්පත් කෙරිණි. ඊයේ පැවති පක්ෂ සම්මේලනයෙන් පසු සජිත්ගේ නම එම සන්ධානය තුළ ස්ථාවර විය.
ඒ අනුව මේ වනවිට ප්‍රධාන දේශපාලන පක්ෂ හා කන්ඩායම් වලින් ගෝඨාභය, අනුර කුමාර හා සජිත් තරගවදින බවට නම් ලබාදී අවසන්ය. ශ්‍රීලනිප තීරණය අනුව ඉදිරි දින 2 තුළ ඇප මුදල් තැන්පත්වීම හෝ නොවීම සිදුවන බව දන්වා ඇත.
නාම යෝජනා පත්‍ර අත්සන් කිරීම ලබන සඳුදා (7) සිදුවේ.