LK reports news sinhala

සොරු ගාල්තැන්න කපුවා කපෝති කරති

මීට වසර කිහිපයකට පෙර ජනමාධ්‍ය තුළ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වූ ගාල්තැන්නේ දේවගැති කපුවාගේ කෝවිල සොරු කණ්ඩායමක් විසින් පසුගිය 25වැනිදා අලුයම බිඳ එහි සේවකයන් හා ගාල්තැන්නේ දේවගැතිවරයා බැඳ දමා එහි තිබූ රත්රන් කිලෝ 12ක පමණ ප්‍රමාණයක් හා මුදලින් රුපියල් ලක්ෂ 20ක් පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

තලාතුඔය, ගාල්තැන්න, ශ්‍රී භද්‍රකාලි අම්මාන් දේවාලයට ඇතුළු වූ සොරු කණ්ඩායමක් පැහරගත් රත්‍රං වල වටිනාකම කෝටි 8කට අධික බව පොලිසිය කියයි. මෙයට අමතරව එහි තිබූ කුඩා ප්‍රමාණයේ මැණික් ගල් කිහිපයක් ද පැහැරගෙන ගොස් ඇත.

හත්දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් දේවාලයට ඇතුළුවී දේවගැතිවරයා පූජාවට යන මොහොතේ ඔහු අල්ලා බැඳ කාමරයකට දමා මෙම කොල්ලය සිදු කර ඇත. මුළුතැන්ගෙයි ඉවුම් පිහුම් කරන කාන්තාවද සේවකයන් ද කාමරයකට දමා වසා තිබුණි.
ගැටගැසීමෙන් අනතුරුව දේවගැතිවරයාගෙන් යතුරු ලබාගෙන රන්බඩු හා මුදල් පැහැරගෙන ගොස් තිබේ. දේවාලය වටා ඇති සුවිසල් තාප්පයට නැඟ කඹයක ආධාරයෙන් සැකකරුවන් දේවාලයට ඇතුළු වී ඇති බව පොලිසිය කියයි.
දේවගැතිවරයා ගමන් බිමන් යන අවස්ථාවලදී ද රන් මාල හා වළලු පැලඳ යන අතර ඒ සම්බන්ධව විමසිල්ලෙන් සිටි පිරිසක් මෙම කොල්ලය සිදුකරන්නට ඇති බව පොලිසිය සැකරයි.
ඔහු සතුව රන් කිලෝ අති විශාල ප්‍රමාණයක් තිබූ බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. දෛනිකව අති විශාල පිරිසක් මෙම දේවාලයට පැමිණ රන් හා මුදල් පරිත්‍යාග කිරීම නිසා කලක් මෙම ස්ථානයට පොලිස් ආරක්ෂාවද යොදවා තිබිණි.

Leave a Reply

Your email address will not be published.