Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

සීමාසහිත පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කරයි.

සීමාසහිත පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කරයි.
Perpetual

පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් (PTL) හි ප්‍රාථමික අලෙවිකරුවෙකුගේ ව්‍යාපාර සහ ක්‍රියාකාරකම් කරගෙන යාම අත්හිටුවීම තවත් මාස හයක කාලයක් සඳහා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ඊයේ (05) පස්වරු 4.30 සිට ක්‍රියාත්මක වේ.

ලියාපදිංචි කොටස් හා සුරැකුම්පත් ආඥාපනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ ඇති කරන ලද රෙගුලාසිවලට අනුව මෙම අත්හිටුවීම ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන පරීක්ෂණ අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම තීරණය ගෙන තිබේ.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රථම වරට 2017 ජූලි 6 වන දින ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස ව්‍යාපාර කටයුතු කරගෙන යාම අත්හිටුවන ලද අතර එතැන් සිට සෑම මාස හයකට වරක් එම අත්හිටුවීම දීර්ඝ කර ඇත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *