සියලු පක්ෂ අද මැතිවරණ කොමිසමට කැඳවා විශේෂ සාකච්ඡාවක්

Share this Article

සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් විශේෂ සාකච්ඡාවක් සඳහා අද(4) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා ඇතැයි වාර්තා වේ. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

ඉදිරියේදි පැවැත්වෙන මහා මැතිවරණය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වනු ඇතැයි කියවේ. එමෙන්ම නව මැතිවරණ නීති සම්බන්ධයෙන් හා දැනට පවතින මැතිවරණ නීති රෙගුලාසි කාලීන අවශ්‍යතා මත සංශෝධනය කිරිම සම්බන්ධයෙන්ද  අවධානය යොමු කිරිමට නියමිත බව වාර්තා වේ.

මැතිවරණ අවස්ථාවන්හිදි දේශපාලන පක්ෂ විසින් සිදුකරන ප්‍රචාරක වියදම් සීමා කිරිමට හා ඊට නව නීති රෙගුලාසි පැනවීමේ යෝජනාවන් පිළිබඳව ද දේශපාලන පක්ෂ ලේකම්වරුන් මෙහිදි දැනුම්වත් කිරිමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර ඇත.

 


Share this Article

Leave a Reply

Your email address will not be published.