සිකන්දර් රාසා ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කරයි

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 293ක් පමණි.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 113ක් ඉදිරියෙන් සිටීමට සමත් විය. සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ සිකන්දර් රාසා කඩුලු 7ක් බිද හෙළීමට සමත් විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 64ක් ලබා ගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ ක්‍රීඩකයින් සියලු දෙනා දැවී ලකුණු 406ක් ලබාගත්තේය. එහිදී ශතකයක් රැස්කළ සීන් විලියම්ස් ලකුණු 107ක් ලබාගත් අතර සිකන්දර් රාසා හා බ්‍රෙන්ඩන් ටේලර් අර්ධ ශතක ලැබූහ. පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 4ක් හා ධනංජය සිල්වා කඩුලු 3ක් බිද හෙළූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *