Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ස්විස් තානාපති කාර්‍යාල සේවිකාව අතුරුදන්වීමට සීඅයිඩී සම්බන්ධයක් නෑ

ස්විස් තානාපති කාර්‍යාල සේවිකාව අතුරුදන්වීමට සීඅයිඩී සම්බන්ධයක් නෑ

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගත් බව කියන සිද්ධියට අදාලව එම තානාපති කාර්යාලය සතු තොරතුරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇතැයි වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ලද තොරතුරක් මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 27 වනදා ඊට අදාල විමර්ශන ආරම්භ කර ඇත.

සිද්ධියට අදාල විමර්ශන කටයුතු වලට සහය ලබාදීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් සහ පොලිස් සමීප රූප ආවේෂණ කැමරා කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවල සහය සඳහා යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පවසයි.

පැහැර ගැනිම සිදු කළ පුද්ගලයින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් බවට පැවසීම සාවද්‍යවන අතර එය පරික්ෂණ නොමඟ යැවිම සඳහා සැකකරුවන් ප්‍රකාශ කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

සිද්ධියට අදාල සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සදහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනම් කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතාද දැනුම්දී තිබිණි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *