චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත මෙරට ජනතාවට එන්නත්කරණය අද ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී එන්නත් ලබාදීම ආරම්භ කෙරේ.
රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසුවේ අද දහවල් 2.30 එම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරෙන බවය.
මේ අතර චීනයෙන් මෙරටට ලැබුණු සයිනොෆාම් කොවිඩ් එන්නත් මෙරට තුළ හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුවේ අනුමැතිය හිමිවූ බවද රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.