සතොස ආයතයේ සිදුව ඇති දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් ප්‍රශ්න කිරීමට පොලීසිය වහා ක්‍රියා කළ යුතු බව රාවණා බලය සංවිධානයේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ කියති.
උන්වහන්සේ මේ බව කියා සිටියේ සතොස ආයතනය පිළිබඳ කළ පැමිණිලිවල ප්‍රගතිය විමසීමට පොලිස් මූලස්ථානය වෙත පැමිණි අවස්ථාවේදීය.
සතොස ආයතනයේ සිදුව ඇතැයි පවසන අක්‍රමිකතා සම්බන්ධයෙන් කළ පැමිණිලිවල ප්‍රගතිය පිළිබඳ විමසීමට රාවණා බලය සංවිධානය, සිංහලේ සංවිධානය සහ බෞද්ධ තොරතුරු කේන්ද්‍රය එසේ පොලිස් මූලස්ථානයට ගොස් තිබුණු අතර සතොස ආයතනය සම්බන්ධයෙන් කෝප් කමිටුව හමුවේ අනාවරණ වූ කරුණු පිළිබඳ විමසීමට සිංහලේ ජාතික සංවිධානය ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි කර තිබිණි.