ඊයේ දිනයේදී කොටස් වෙළඳපොළ ගනුදෙනු නිමා කරන විට කොටස් වෙළඳපොළ තුළ දැවැන්ත කඩා වැටීමක් පෙන්නුම් කළේය.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 187.62කින් එනම් සියයට 1.44කින් පහළ ගියේය. එසේම එස් ඇන්ඩ් පී දර්ශකයද ඒකක 76.52කින් එනම් සියයට 1.98කින් පහළ ගියේය.
දිනයේ කොටස් වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 2.16ක් ලෙස දැක්විය.