ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය ඔලිවියා නිවේරාස් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් සිදුව ඇත.
අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇති බව වාර්තා වූ අතර, කොරෝනා වසංගතය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන සහයෝගය සහ ආධාර උපකාර ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔලිවියා නිවේරාස් මහත්මියගෙන් ඉල්ලීමක් කළ බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේය.
වඩාත් අභියෝගාත්මක පරිච්ඡේදය ඉදිරියට ඇති බැවින් ජීවිත බේරා ගැනීමට සහ වෛරසය පැතිරීම පාලනය කිරීමට හැකි ඕනෑම ආකාරයකින් ශ්‍රී ලංකාවට සහාය දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන් සූදානම් බවද එහිදී වෛද්‍ය ඔලිවියා නිවේරාස් මහත්මිය ප්‍රකාශ කර තිබේ.