සංජීව ධර්මරත්න වැඩබලන පොලිස්පති ධුරයට

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කර ඇත.

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා දැනට විදේශ සංචාරයක නිරතව සිටින බැවින් මෙම පත්වීම සිදු කෙරේ.

මෙම කාලය තුළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධර්මරත්න මහතා පොලිස්පතිවරයාගේ රාජකාරි සහ වගකීම් ඉටු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *