ෂාෆ්ටර් ඝාතන විමර්ශන ගැන පොලිසිය පැහැදිලි කිරීමක් සිදු කරයි.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් ඇතුළු 75 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි.

“දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය පවුලේ සියලු දෙනාම ආවරණය වන පරිදි ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් පරීක්ෂණ පවත්වනවා.

“පරීක්‍ෂණය තවම ක්‍රියාත්මකයි. පුද්ගලයන් 75කට අධික පිරිසකගෙන් සටහන් කර ගත් කටඋත්තර ඔස්සේ ලැබුණු නව තොරතුරු මත තවදුරටත් සාක්ෂි විමසීම සිදු කෙරේ. මේ වන තෙක් මේ සම්බන්ධයෙන් නිශ්චිතවම කිසිදු සැකකරුවෙකු හඳුනාගෙන නොමැත. ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *