පසුගිය දා ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිළධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය පැහැරගෙන යාමට ලක් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ඒ දුරකථන ඇමතුම් පිළිබඳව ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පැමිණෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද දැනුම් දීමක් අනුවයි.
2020-01-23