ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

Share this Article

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 161 ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ කලකට පසු පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 345ක් ලබාගැනීමට සමත් විය. ඊට අවිෂ්ක ප්‍රනාන්දු හා කුසල් මෙන්ඩිස් ශතක ලබාගනිමින් දායක විය. අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 127ක් ලැබූ අතර එය ඔහු කොදෙව්වන්ට එරෙහිව් ලබාගත දෙවැනි ශතකයයි.

ලකුණු 346ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය කොදෙව් කණඩායමට පන්දුවාර 39යි එක් පන්දුවකදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 184ක් පමණි. ශේයි හෝප් අර්ධ ශතකයක් ලබාගත් අතර වනිදු හසරංග කඩුලු 3ක් බිද හෙළීමට සමත් විය.

ඒ අනුව තරග 3කින් යුත් කොදෙව් – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. අවසන් තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ඉරිදා(1) පැවැත්වීමට නියමිතය.


Share this Article

Leave a Reply

Your email address will not be published.