ශ්රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර මහනුවර පල්ලෙකැළේ ක්රීඩාංගණයේදී ඊයේ (04) පැවැති තරගයේදී ලකුණු 25 ක ජයක් අත්කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම ඕවර 20 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 196 ක් ලබාගත් අතර ලකුණු 197 ක ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා පිලට ඕවර 19.1 ක් අවසානයේදී සියල්ලන්ම දැවී ලබාගත හැකිවූයේ ලකුණු 171 ක් පමණි.