ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් අද(4) කොළඹට කැඳවා ඇතැයි වාර්තාවේ. ඒ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන හමුවක් සඳහාය.
ශ‍්‍රීලනිප එළැඹෙන ජනාධිපතිවරණයේදී ගනු ලබන ස්ථාවරය සම්බන්ධයෙන් මෙහිදී අවසන් තීන්දුවක් ගැනීමට ඉඩ ඇති බව වාර්තා වෙයි. අද දහවල් 12.00ට මෙම විශේෂ හමුව පැවැත්වීමට නියමිතය.