‘විෂම භාග’ හෙට සිට රිදී තිරයට – මංගල දර්ශනයට ජනපතිත් එක්වෙයි

ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම්ලද විෂම භාග චිත්‍රපටයේ මංගල දර්ශනය අද(15) වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදී පැවැත්විණි. ඒ සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එක්විය.
ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ නිෂ්පාදනයක් වන විෂම භාග චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ලලිත් රත්නායක මහතාය.
හෙට(16) සිට දිවයින පුරා සිනමා ශාලා රැසකදී විෂම භාග චිත්‍රපටය නැරඹීමට හැකියාව ඇත. මෙම චිත්‍රපටය ශ්‍රී ලංකාවේ පළමු සමාජ සත්කාරක චිත්‍රපටය ලෙසද ඉතිහාසයට එක්වේ. එනම් මෙහි ආදායම යෙදවෙන්නේ වකුගඩු රෝගීන් වෙනුවෙන් පානීය ජල පහසුකම් ලබාදීම වෙනුවෙන් වන ව්‍යාපෘතියකටය.

1 Comment

  1. This is a kind of movie that every body should watcj. Because the picture depicts your own story which is untold. Therefore please make necessary arrangements to enable this to watch to others who are not able to afford the cinema ticket. So this is your turn to help them out, take your friends and relatives or colleagues who are not in a position to buy the ticket themselves.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *