Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

විදේශ ලේකම් ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනිය හමුවේ

විදේශ ලේකම් ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනිය හමුවේ

එළඹෙන සඳුදා දින (24) ආරම්භ වීමට නියමිත මානව හිමිකම් කවුන්සිලයේ (HRC) 43 වැනි සැසිවාරයට පෙර, විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා 2015 ඔක්තෝබර් මස 30/1 දරන සහ 2017 මාර්තු 34/1 දරන පූර්ව යෝජනා සම්මුති ඇතුළත් කර සකස් කරන ලද “ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම” පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාව සම්බන්ධයෙන් සිය සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය පිළිබඳව, මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනි තානාපති එලිසබෙත් ටිචි-ෆිස්ල්බර්ගර් මැතිනිය දැනුවත් කළේය.

මේ වන විට ජිනීවාහි සිටින විදේශ ලේකම්වරයා, විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රය අනුව අමාත්‍ය මණ්ඩලය විසින් මෙම තීරණය බදාදා දින අනුමත කර ඇති බව සිකුරාදා (21) සභාපතිතුමිය වෙත දන්වා සිටියේය. මෙම තීරණය බ්‍රහස්පතින්දා දින පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කර තිබුණි. අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මැතිතුමා මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දෙන බවත්, පෙබරවාරි 26 වැනි බදාදා කවුන්සිලයේ ඉහළ මට්ටමේ අංගය ඇමතීමේදී රජයේ තීරණය පිළිබඳව විධිමත් ලෙස කවුන්සිලයේ සාමාජිකයන්ට දැනුම් දෙන බවත් ඔහු ඇයට දැනුම් දුන්නේය. පෙබරවාරි 27 වැනි දින මහ කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාචික කරුණු දැක්වීම්වලට අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මැතිතුමා විසින් ප්‍රතිචාර දක්වනු ලබන අතර, ජිනීවාහි රැඳී සිටින කාලය තුළ දී මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් මැතිනිය හමුවීමට ද නියමිතය.

කැබිනට් මණ්ඩලය මෙම තීරණයට එළඹුණු දිනට ආසන්න දිනක දී, යෝජනාව ගෙන ආ ‘මූලික කණ්ඩායමේ’ (එක්සත් රාජධානිය, ජර්මනිය සහ කැනඩාව) කොළඹ සිටින තානාපතිවරුන් ද අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා විසින් දැනුවත් කරන ලද බව විදේශ ලේකම්වරයා විසින් ඇයට දැනුම් දෙන ලදී.

මෙම කරුණ පිළිබඳව ඇයව දැනුවත් කිරීමට ශ්‍රී ලංකාව ගත් පියවර තානාපති ටිචි-ෆිස්ල්බර්ගර් මැතිනිය අගය කළාය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *