Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
නාමල්ගේ මෙහෙයවීමෙන් සතියට දින පහක් පොහොට්ටුව ගම් බසියි: ඉටුනොකළ ඡන්ද පොරොන්දු සහ දූෂණ ගැන ජොන්ස්ටන්ගෙන් සංවිධායකයින්ට විශේෂ උපදෙස්දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබූ විදේශීය නෞකාවක නැවියෙකුට අනතුරක්: නාවික හමුදාවෙන් මැදියම් රැයේ ක්ෂණික මුදාගැනීමේ මෙහෙයුමක්බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්ඉන්දියාවේ දෙවැනි පරම්පරාවේ ‘NVS-03’ යාත්‍රා උපකාරක චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කෙරේ“රජයේ ගිවිසුම් අංකය නැති ලිහිසි තෙල් ගන්න එපා”: අනවසර ලිහිසි තෙල් තොග පිටින් අල්ලද්දී පාරිභෝගික අධිකාරියෙන් අවවාදයක්බැංකු පොලිය, වාහන, වෘත්තිකයන් සහ ඩිජිටල් සේවා බදු: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිරකළ බදු ප්‍රතිපත්ති ගැන මානව හිමිකම් කේන්ද්‍රයෙන් විශේෂ ප්‍රකාශයක්වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්
ප්‍රවෘත්ති

වාහන ආනයන තහනම් කළ දිනයෙන් පසු ගෙන්වූ වාහන රාජසන්තක කිරීමට පියවර

වාහන ආනයන තහනම් කළ දිනයෙන් පසු ගෙන්වූ වාහන රාජසන්තක කිරීමට පියවර

පසුගිය ජුනි 26 වැනිදා මෙරටට වාහන ආනයනය තහනම් කර තිබියදීත් ව්‍යාජ දින ඇතුළත් කරමින් වාහන තුන්සීයක් පමණ කොළඹ වරායට පැමිණ ඇති බවට වාර්තා වේ. එම වාහන යුරෝපය හා ජපානයෙන් ආනයනය කර ඇති අතර, ඒ අතර බෙන්ස්, ප්‍රාඩෝ, ජීප් ආදී වර්ගයේ සුඛෝපභෝගී වාහනද ඇති බව ආරංචිමාර්ග සදහන් කරයි.

මෙම වාහන වැඩි ප්‍රමාණයක් රජයේ මාණ්ඩලික නිලධාරීන්ට ලබාදී තිබූ වාහන බලපත්‍රවලට ආනයනය කළ ඒවා වන අතර ඇතැම් වාහන කෝටි පහ දක්වා වටිනාකමකින් යුත් බවට වාර්තා වේ. මෙම වාහන, වාහන ආනයනය තහනම් කළ දිනය නැව්ගත කළ දිනය ලෙස සඳහන් කර ගෙන්වා ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

මේ අතර අතිරේක අධ්‍යක්ෂ හා රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කරන්නේ ආනයනය තහනම් කළ ජුනි 26 වැනි දිනෙන් පසුව නැව්ගත කර ගෙන්වා ඇති වාහන තුන්සීයකට වැඩි ප්‍රමාණයක් ඇති අතර ඒවා රාජසන්තක කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *