Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි
ප්‍රවෘත්ති

රැඳවියාගේ පහරදීමෙන් බන්ධනාගාර නිලධාරින් දෙදෙනකු රෝහලේ

රැඳවියාගේ පහරදීමෙන් බන්ධනාගාර නිලධාරින් දෙදෙනකු රෝහලේ

බෝගම්බර බන්ධනාගාරයේ සිටි සිරකරුවකු පහරදීමෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී දිසානායක මහතා පැවසීය.‍

බෝගම්බර බන්ධනාගාරයේ රදවා සිටි එම  සිරකරුවකු කල්මුනේ මහාධිකරණයේ පවතින නඩුවක් සදහා ඉදිරිපත් කිරීමට බෝගම්බර බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂණයක් මගින් මඩකලපුව බන්ධනාගාරයවෙත රැගෙන යමින් සිටි බවත් ඒ අතරතුර උඩුදුම්බර ප්‍රදේශයේදී ආරක්ෂණය භාරව ගිය සැරයන් වරයෙකුට හා මාංචු භාර නිලධාරියාට  සිරකරු මාංචුවෙන් පහරදීමෙන් තුවාල ලැබූ නිලධාරීන් දෙදෙනා උඩුදුම්බර රෝහල වෙත ඇතුලත් කර තත්වය බරපතල වීම හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය  වෙත මාරුකළ බවත් ඒ මහතා කීය.

සිද්ධිය  වාර්තා  වහාම කඩිනමින් බෝගම්බර බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් උඩුදුම්බර පොලිස් ස්ථානය වෙත යොමුකර ආරක්ෂණය නැවත බෝගම්බර බන්ධනාගාරය වෙත ගෙන්වා සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සිරකරු අධිකරණයවෙත ඉදිරිපත් කිරීම සදහා මඩකලපුව බන්ධනාගාරයවෙත මාරුකිරීමට කටයුතු කළ බවත් ඒ  සම්බන්ධයෙන් බෝගම්බර බන්ධනාගාරය විමර්ශන කටයුතු ආරම්භකර ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය  ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *